සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:46

وَيُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا وَمِنَ الصَّالِحِينَ

තව ද ඔහු තොටිල්ලෙහි පසු වන වියේ දී ද තුරුණු වියේ දී ද ජනයා සමඟ කතා කරනු ඇත. තව ද ඔහු දැහැමියන් අතුරින් කෙනෙකි.

තෆ්සීර්

ඊසා (අලයිහිස් සලාම්) තුමා ළදරුවකු කතා කිරීමේ හැකියාව ලබන නියමිත කාලයට පෙර අසාමාන්ය ලෙස කුඩා අවදියේම මිනිසුන් සමග කතා කරයි. පූර්ණ පෞරුෂත්වයෙන් හා ජවයෙන් හෙබි වැඩහිටි අවදියේ ද ඔහු ඔවුන් සමග කතා කරනු ඇත. එහිදී ඔවුන්ගේ ආගමික කටයුතු හා ඔවුන්ගේ ලෞකික කටයුතු වල යහපත ඔවුන් සමග කතා කරයි. තම ප්රකාශ හා තම ක්රියා වල දැහැමි ලෙස කටයුතු කරන්නන් අතර ඔහු සිටියි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න