සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:47
قَالَتْ رَبِّ أَنَّىٰ يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ ۖ قَالَ كَذَٰلِكِ اللَّهُ يَخْلُقُ مَا يَشَاءُ ۚ إِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ
මාගේ පරමාධිපතියාණනි! කිසිදු මිනිසෙකු මා ස්පර්ශ නොකර තිබිය දී මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේදැයි ඇය පැවසුවාය. එලෙසය අල්ලාහ් තමන් අභිමත දෑ මවන්නේය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ‘වනු‘ යැයි පවසනවා පමණ ය එය සිදු වන්නේය.
තෆ්සීර්
සැමියෙකු නොමැති ව දරුවකු පිළිසිද ගැනීම සිදු විය නොහැක්කක් බව අවධාරණය කරමින් ඇය: “නිත්යනුකූල හෝ නිත්යනුකූල නොවන කිසිදු මිනිසෙකු මා සමීපයට නොපැමිණ මට දැරුවකු ලැබෙනුයේ කෙසේදැ?යි විමසා සිටියාය. එවිට මලක්වරයා: පියකු නොමැතිව නුඹ වෙනුවෙන් අල්ලාහ් දරුවකු මැව්වාක් මෙන් ඔහු කැමති දෑ අසාමාන්ය ලෙස මවනු ඇත. එහිදී යම් කටයුත්තක් සිදු කරන්නට ඔහු සිතුවේ නම්, එයට ‘කුන්’ (වනු) යැයි පවසනවාත් සමගම එය සිදුවනු ඇත. නොහැකියාව යනු ඔහු සතු ගුණාංගයක් නොවන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න