සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:45

إِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكَلِمَةٍ مِنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسَى ابْنُ مَرْيَمَ وَجِيهًا فِي الدُّنْيَا وَالْآخِرَةِ وَمِنَ الْمُقَرَّبِينَ

අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔහුගෙන් වූ වදනක් පිළිබඳ ඔබට ශුභාරංචි දන්වන්නේය. ඔහුගේ නම මර්යම්ගේ පුත් ඊසා හෙවත් මසීහ් ය. ඔහු මෙලොව හා මතු ලොව ගරුත්වයක් ඇති දේව සමීපතයින් අතුරින් කෙනෙකි.

තෆ්සීර්

අහෝ! දූතය, මලක්වරු මර්ය තුමියට පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔවුහු: “අහෝ! මර්යම්, පියකු නොමැති අසාමාන්ය මැවීමකින් නුඹට දරුවකු ඉපදෙන්නට නියමිතය. එය අල්ලාහ්ගෙන් වූ වදනක් පමණය. ‘කුන්’ (වනු) යන ප්රකාශයකින් එය සිදු වනු ඇත. එවිට අල්ලාහ්ගේ අනුමැතියෙක් දරුවකු බිහි වේ. එම දරුවාගේ නම අල්-මසීහ් හෙවත් මර්යම්ගේ පුත් ඊසාය. මෙලොව හා මතු ලොවෙහි මෙන්ම අල්ලාහ් වෙත සමීපවන්නන් අතර ද අතිමහත් ගරුත්වයක් හා නිලයක් ඔහුට හිමිය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න