සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:44
ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۚ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يُلْقُونَ أَقْلَامَهُمْ أَيُّهُمْ يَكْفُلُ مَرْيَمَ وَمَا كُنْتَ لَدَيْهِمْ إِذْ يَخْتَصِمُونَ
මෙය ගුප්ත පුවත් අතුරිනි. අපි එය නුඹට හෙළිදරව් කරන්නෙමු. මර්යම්ට භාරකාරත්වය දරනුයේ ඔවුන්ගෙන් කවුරුන් දැ යි යන්න පිළිබඳ ව ඔවුන් ඔවුන්ගේ පන්හිදවල් වීසි කර (කුසපත්) දමන විට ඔවුන් අසල නුඹ නොසිටියෙහිය. එමෙන්ම ඔවුන් වාද කරන විට ඔබ ඔවුන් අසල නොසිටියෙහිය.
තෆ්සීර්
සකරිය්යා හා මර්යම් සම්බන්ධයෙන් හෙළි කළ මෙම තොරතුරු ගුප්ත තොරතුරු අතුරිනි. අහෝ! දූතය, අපි එය නුඹට දැනුම් දී ඇත්තෙමු. මර්ය තුමිය හදාවඩා ගන්නට වඩාත් සුදුස්සා කවුරුන්දැ?යි දැහැමි විද්වතුන් වාද කළ අවස්ථාවේ නුඹ එහි නොවීය. ඔවුන් ඒ සඳහා කුසපත් අදින්නට විය. ඔවුන්ගේ පන්හිද වල් බිමට දැමීය. සකරිය්යාගේ පන්හිද ජය ලැබීය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න