සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:42
وَإِذْ قَالَتِ الْمَلَائِكَةُ يَا مَرْيَمُ إِنَّ اللَّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَىٰ نِسَاءِ الْعَالَمِينَ
අහෝ මර්යම්! නියත වශයෙන් ම අල්ලාහ් ඔබ ව තෝරා ගත්තේය. ඔබ ව පිවිතුරු කළේය. තව ද ලෝවැසි කාන්තාවන්ට වඩා ඔබ ව තෝරා ගත්තේය යැයි මලක්වරුන් පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
තෆ්සීර්
අහෝ! දූතය, මලක්වරු මර්යම් දෙස බලා කතා කළ අවස්ථාව මෙනෙහි කර බලනු. ඔවුහු: “ප්රශංසනීය ගතිපැවතුම් වලින් වර්ණනා කරනු ලබන දෑ සඳහා අල්ලාහ් නුඹ ව තෝරා ඇත. අඩුපාඩුකම් වලින් ඔහු නුඹ ව පිවිතුරු කර ඇත. නුඹගේ කාලයේ ලෝවැසි කාන්තාවන්ට ඉහළින් ඔහු නුඹ ව තෝරා ගෙන ඇත.” යැයි මර්ය තුමියට පැවසූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න