සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:41

قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً ۖ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَةَ أَيَّامٍ إِلَّا رَمْزًا ۗ وَاذْكُرْ رَبَّكَ كَثِيرًا وَسَبِّحْ بِالْعَشِيِّ وَالْإِبْكَارِ

මාගේ පරමාධිපතියාණනි! ඔබ මට සලකුණක් ඇති කරනු මැනව! යැයි ඔහු පැවසුවේය. ඔබට වූ සලකුණ වනුයේ ඔබ ජනයා සමඟ සංඥා කිරීමකින් හැර දින තුනක් කතා නොකිරීම ය. තව ද නුඹ නුඹගේ පරමාධි පති ව අධික ව මෙනෙහි කරනු. තව ද උදේ සවස පිවිතුරු කරනු යැයි ඔහු(අල්ලාහ්) පැවසුවේය.

තෆ්සීර්

“මාගේ පරමාධිපතියාණනි, මා විසින් මාගේ බිරිය ගැබ් ගන්නා බවට වූ සලකුණක් මා හට පෙන් වන්නැ”යි සකරිය්යා පවසා සිටියේය. එයට අල්ලාහ්: “නුඹට කිසිදු අඩුවක් සිදු නොවී සංඥා අඟවමින් ජනයා සමඟ සන්නිවේද කළ හැකි නමුත් දහවල හා රාත්රිය ඇතුළු ව පූර්ණ දින තුනක් මිනිසුන් සමග කතා කිරීමට නුඹට නොහැකි වීමය. නුඹ අධික ලෙස අල්ලාහ් ව සුවිශුද්ධ කරනු. දහවල් අවසානය හා එහි ආරම්භ කාලයේ එතුමා තස්බීහ් හෙවත් අල්ලාහ් ව සුවිශුද්ධත්වයට පත් කළේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න