සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:40
قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَقَدْ بَلَغَنِيَ الْكِبَرُ وَامْرَأَتِي عَاقِرٌ ۖ قَالَ كَذَٰلِكَ اللَّهُ يَفْعَلُ مَا يَشَاءُ
මාගේ පරමාධිපතියාණනි! මට දරුවෙකු ලැබිය හැක්කේ කෙසේ ද? මා වයෝවෘද්ධ භාවයට පත් ව ඇත. එමෙන් ම මාගේ බිරිය වද කතකි යැයි ඔහු පැවසුවේය. එලෙස ය අල්ලාහ් තමන් අභිමත දෑ සිදු කරනුයේ යැයි ඔහු (අල්ලාහ් එවිට) පැවසුවේය.
තෆ්සීර්
යහ්යා පිළිබඳ සකරිය්යා වෙත මලක්වරු ශුභාරංචි දන්වා සිටි කල්හි, ඔහු: “මාගේ පරමාධිපතියාණනි, මම වයෝවෘද්ධයකු බවට පත් ව සිටියදී මාගේ බිරිය දරුවන් නොලබන වඳ කාන්තාවක් ලෙස සිටියදී මට දරුවකු හට ගනුයේ කෙසේදැ”යි විමසා සිටියේය. ඔහුගේ ප්රකාශයට පිළිතුරු වශයෙන් අල්ලාහ්: “නුඹේ වයස්ගත කාලයේදී නුඹේ බිරිය වඳ කාන්තාවක් ව සිටියදී යහ්යාගේ මැවීම අසාමාන්ය ලෙස අල්ලාහ් මවන්නට අභිමත කරන දෑ හා සමාන මැවීමකි. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. ඔහු අභිමත කරන දෑ ඔහුගේ ප්රඥාවෙන් හා අනුදැනුමෙන් සිදු කරනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න