සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:39

فَنَادَتْهُ الْمَلَائِكَةُ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي الْمِحْرَابِ أَنَّ اللَّهَ يُبَشِّرُكَ بِيَحْيَىٰ مُصَدِّقًا بِكَلِمَةٍ مِنَ اللَّهِ وَسَيِّدًا وَحَصُورًا وَنَبِيًّا مِنَ الصَّالِحِينَ

එවිට ඔහු නැමදුම් ස්ථානයෙහි සලාතය ඉටු කරමින් සිට ගෙන සිටිය දී සැබැවින් ම අල්ලාහ් ගෙන් වූ වදන සත්‍යය කරවන්නෙකු ලෙස ද නායක යෙකු ලෙස ද (කාන්තාවන් ගෙන්) වැළකුණු අයෙකු ලෙස ද දැහැමියන් අතුරින් නබිවරයෙකු ලෙස ද වූ යහ්යා පිළිබඳ ශුභාරංචිය අල්ලාහ් නුඹට දන්වා සිටින්නේ යැයි මලක්වරු ඔහු අමතා පැවසුහ.

තෆ්සීර්

එවිට ඔහු නැමදුම් කරන ස්ථානයේ නැමදුම් කරමින් සිටියදී මලක්වරුන් ඔහු අමතා: ‘යහ්යා නමින් වූ දරුවකු නුඹ දාව ඉපදෙන්නට යයි. ඔහු සතු විශේෂ ගුණාංග අතුරින් ඔහු අල්ලාහ්ගේ වදන වූ මර්යම්ගේ පුත් ඊසා (අලය්හිස් සලාම්) තුමා ව තහවුරු කරයි. (ඊට හේතුව ඊසා (අලය්හිස් සලාම්) තුමා අල්ලාහ්ගේ වදනින් වූ සුවිශේෂ මැවීමක් වූ බැවිණි.) තම සමූහයා අතර දැනුම හා නැමදුම මෙහෙයවන නායකයා බවට පත් වෙයි. තම ආත්මය පාලනය කර ගනිමින් ආශාවන්ගෙන් වළක්වා ගනියි. කාන්තාවන්ට සමීප වීම ද ඉන් එකකි. තම පරමාධිපතිට නැමදුම් කිරීම සඳහා තම ආත්මය සියල්ලෙන් නිදහස් කර ගනියි. එමෙන්ම දැහැමියන් අතර නබිවරයකු වෙයි’ යැයි ශුභාරංචි දන්වා සිටියේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න