සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:38
هُنَالِكَ دَعَا زَكَرِيَّا رَبَّهُ ۖ قَالَ رَبِّ هَبْ لِي مِنْ لَدُنْكَ ذُرِّيَّةً طَيِّبَةً ۖ إِنَّكَ سَمِيعُ الدُّعَاءِ
එම අවස්ථාවේ දී Zසකරිය්යා තම පරමාධිපති ව අයැද සිටියේය. මාගේ පරමාධිපතියාණනි, මට ඔබ වෙතින් දැහැමි පරපුරක් පිරිනමනු මැනව ! සැබැවින් ම ඔබ ප්රාර්ථනාවට සවන් දෙන්නා යැයි ඔහු පැවසුවේය.
තෆ්සීර්
ආසාමාන්ය ලෙස ඉම්රාන්ගේ දියණිය වූ මර්යම් තුමියට අල්ලාහ් ආහාර සපයා තිබෙනු දුටු සකරිය්යා බිරිය වඳ කාන්තාවක් වූ බැවින් මර්ය තුමියට පිරිනමන ලද එම අසාමාන්ය තත්ත්වය මෙන් තමන්ටත් මෙතෙක් කල් නොතිබුණු දරු සම්පතක් ඉල්ලා අල්ලාහ්ගෙන් මෙසේ ප්රාර්ථනා කළේය. “අහෝ! මාගේ පරමාධිපතියාණනි, මට දැහැමි දරුවකු පිරිනමනු මැනව! නියත වශයෙන් ඔබෙන් ඉල්ලා සිටින ප්රාර්ථනාවන්ට ඔබ සවන් දෙන්නාය. එයට පිළිතුරු දෙන්නාය.”
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න