සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:37

فَتَقَبَّلَهَا رَبُّهَا بِقَبُولٍ حَسَنٍ وَأَنْبَتَهَا نَبَاتًا حَسَنًا وَكَفَّلَهَا زَكَرِيَّا ۖ كُلَّمَا دَخَلَ عَلَيْهَا زَكَرِيَّا الْمِحْرَابَ وَجَدَ عِنْدَهَا رِزْقًا ۖ قَالَ يَا مَرْيَمُ أَنَّىٰ لَكِ هَٰذَا ۖ قَالَتْ هُوَ مِنْ عِنْدِ اللَّهِ ۖ إِنَّ اللَّهَ يَرْزُقُ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ

එවිට ඇයගේ පරමාධිපති යහපත් පිළිගැනීමකින් ඇය ව පිළිගත්තේය. තව ද යහපත් වැඩීමකින් හදා වඩා ගන්නට සැලැස්සුවේය. ඇය ව zසකරිය්යාට භාර කළේය. නැමදුම් ස්ථානයේ ඇය වෙත zසකරිය්යා පිවිසෙන සෑම අවස්ථාවක ම ඇය අසල ආහාර දුටුවේය. අහෝ ! මර්යම්, ඔබට මෙය කෙසේ (ලැබුණේ) ද? යැයි ඇසුවේය. මෙය අල්ලාහ් වෙතින් යැයි ඇය පැවසුවාය.නියත වශයෙන් ම අල්ලාහ් තමන් අභිමත අයට ගණනයකින් තොර ව පෝෂණය ලබා දෙන්නේය.

තෆ්සීර්

අල්ලාහ් ඇයගේ භාරය යහපත් අයුරින් පිළි ගත්තේය. ඉතා අලංකාර ලෙස ඇයගේ දැරිය රැක බලා ගත්තේය. ඔහුගේ ගැත්තන් අතර සිටින දැහැමියන්ගේ හදවත් ඇය වෙත නැඹුරු කෙරෙව්වේය. ඇයගේ භාරකාරත්වය සකරිය්යා වෙත පැවරුවේය. සකරිය්යා ඇය වෙත පිවිසෙන සෑම අවස්ථාවකම නැමදුම් කරන ස්ථානය අසල සරල ප්රණීත ආහාර දුටුවේය. ඔහු ඇය අමතා: “අහෝ! මර්යම්, මෙම ආහාරය ඔබට ලැබුණේ කොහෙන්දැ?”යි විමසුවේය. ඇය පිළිතුරු වශයෙන්: “මෙම ආහාරය අල්ලාහ් වෙතිනි. නියත වශයෙන්ම අල්ලාහ් ඔහු අභිමත කරන අයට කිසිදු ගණන් බැලීමකින් තොර ව ආහාර සපයන්නේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න