සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:36

فَلَمَّا وَضَعَتْهَا قَالَتْ رَبِّ إِنِّي وَضَعْتُهَا أُنْثَىٰ وَاللَّهُ أَعْلَمُ بِمَا وَضَعَتْ وَلَيْسَ الذَّكَرُ كَالْأُنْثَىٰ ۖ وَإِنِّي سَمَّيْتُهَا مَرْيَمَ وَإِنِّي أُعِيذُهَا بِكَ وَذُرِّيَّتَهَا مِنَ الشَّيْطَانِ الرَّجِيمِ

පසු ව ඇය එය ප්‍රසූත කළ කල්හි මාගේ පරමාධිපතියාණනි, සැබැවින් ම මම එය ගැහැනු දරුවෙකු ලෙස ප්‍රසූත කළෙමි. තව ද ඇය ප්‍රසූත කළ දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නා ය. පිරිමියා ගැහැනිය මෙන් නොව. තව ද සැබැවින් ම ඇයට මම මර්යම් යැයි නම් තැබුවෙමි. තව ද ඇයට හා ඇයගේ පරපුරට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් සිට ඔබෙන් ආරක්ෂාව පතන්නෙමි යැයි ඇය පැවසුවාය.

තෆ්සීර්

ඇය පූර්ණ ගැබ්භාවයට පත් වූ පසු දරුවා ප්රසූත කළ කල්හි (දරුවා පිරිමි දරුවකු විය යුතු යැයි ඇය අපේක්ෂා කළ බැවින්) “අහෝ මාගේ පරමාධිපතියාණනි, සැබැවින්ම මම ප්රසූත කර ඇත්තේ ගැහැනුු දරුවෙකි.” යැයි කරුණු ඉදිරිපත් කළාය. ඇයට පිරිනමනු ලැබූ ගැහැනුු දරුවා ඇය අපේක්ෂා කලාක් මෙන් හැඩරුවෙන් හා ශක්තියෙන් හෙබි පිරිමි දරුවකු මෙන් නොවීය. තවදුරටත් ඇය: මම ඇයට මර්යම් යනුවෙන් නම් තැබුවෙමි. ඔබේ කරුණාවෙන් නෙරපා හරින ලද ෂාතාන්ගෙන් ආරක්ෂාව ඇය හා ඇයගේ පරපුර වෙනුවෙන් මා ඔබෙන් පතමි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න