සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:35

إِذْ قَالَتِ امْرَأَتُ عِمْرَانَ رَبِّ إِنِّي نَذَرْتُ لَكَ مَا فِي بَطْنِي مُحَرَّرًا فَتَقَبَّلْ مِنِّي ۖ إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ

මාගේ පරමාධිපතියාණනි, සැබැවින් ම මම මාගේ කුස තුළ ඇති දෑ කැප කරනු ලැබූවක් ලෙස ඔබ වෙනුවෙන් භාරයක් තැබුවෙමි. නියත වශයෙන්ම ඔබ සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය යැයි ඉම්රාන්ගේ බිරිය පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

තෆ්සීර්

අහෝ! දූතය, මර්යම්ගේ මව වන ඉම්රාන්ගේ බිරිය කතා කළ අවස්ථාව ඔවුනට මෙනෙහි කරනු. ඇය: ‘මාගේ පරමාධිපතියාණනි, මාගේ කුස තුළ උසුලා ඇති දරුවා ඔබ වෙනුවෙන් අවංක ලෙස පුදන්නට මා මට ම පවරා ගනිමි. සියලු දැයින් දරුවා නිදහස් කොට ඔබේ සේවය පිණිස ඔබේ නිවසේ සේවය පිණිස පත් කරමි. එහෙයින් එය මගෙන් භාර ගනු. සැබැවින්ම ඔබ මාගේ ප්රාර්ථනාවට සවන් දෙන්නාය. මාගේ චේතනාව පිළිබඳ මැනවින් දන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න