සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:33

۞ إِنَّ اللَّهَ اصْطَفَىٰ آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ

සැබැවින් ම අල්ලාහ් ආදම් ව ද නූහ් ව ද ඉබ්‍රාහීම්ගේ පවුල ද ඉම්රාන්ගේ පවුල ද ලෝවැසියනට වඩා (ඉහළින්) තෝරා ගත්තේය.

තෆ්සීර්

සැබැවින්ම අල්ලාහ් ආදම් (අලෙයිහිස් සලාම්) තෝරා ඔහුට මලක්වරුන් විසින් සජදා (අචාර) කිරීමට සැලැස්වීය. තවද නූහ් (අලෙයිහිස් සලාම්) තෝරා මිහිතලයේ වැසියන්හට පළමු දූතයා බවට ඔහු පත් කළේය. ඉබ්රාහීම්ගේ කුඩුම්භය තෝරා ඔහුගෙන් පැවතෙන පරම්පරාවට නබිත්වය නොහොත් දේව දූත මෙහවර පිරිනැමුවේය. එමෙන්ම ඉම්රාන්ගේ කුඩුම්භය ද ඔහු තෝරා පත් කළේය. මේ සියලු දෙනා තෝරා ඔවුනොවුන්ගේ කාලයේ විසූ ජනසමූහයා අතර ඔවුන් උසස් කළේය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න