සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:32
قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ ۖ فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ
(තවද) නුඹලා අල්ලාහ්ට හා රසූල්වරයාට අවනත වනු යැයි පවසනු. නමුත් ඔවුන් පිටුපෑවේ නම් එවිට සැබැවින් ම අල්ලාහ් දේව ප්රතික්ෂේපකයින් ව ප්රිය නොකරන්නේය.
තෆ්සීර්
අහෝ! දූතය, “නියෝග පිළිපදිමින් තහනම් දැයින් වැළකෙමින් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට අවනත වනු”යි තවදුරටත් නුඹ ඔවුනට පවසනු. එයින් ඔවුන් වැළකී සිටියේ නම් අල්ලාහ්ගේ අණට හා ඔහුගේ දූතයාණන්ගේ අණට විරුද්ධ වන ප්රතික්ෂේපකයින්හට අල්ලාහ් ප්රිය කරන්නේ නැති බව දැන ගනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න