සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:31
قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
(නබිවරය!) නුඹලා අල්ලාහ් ව ප්රිය කරන්නන් ව සිටියේ නම්, එවිට නුඹලා මා අනුගමනය කරනු. අල්ලාහ් නුඹලා ව ප්රිය කරනු ඇත. තව ද නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. තව ද අල්ලාහ් අති ක්ෂමාශීලී ය, අසමසම කරුණාන්විතය යැයි නුඹ පවසනු.
තෆ්සීර්
“නුඹලා සැබෑ ලෙසින් අල්ලාහ්ට ආදරය කරන්නේ නම් මා රැගෙන ආ දෑ එළිපිට මෙන්ම ඇතුළාන්තයෙන්ද පිළිපඳිනු. එවිට නුඹලා අල්ලාහ්ගේ ආදරය ලබා ගනු ඇත. නුඹලාගේ පාප වලට ඔහු සමාව දෙනු ඇත. අල්ලාහ් තම ගැත්තන් අතුරින් සමාව අයැද සිටින්නන්හට ක්ෂමාශීලීය. මහා කරුණාභරිතය.” යැයි නබිවරය, නුඹ ඔවුනට පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න