සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:30

يَوْمَ تَجِدُ كُلُّ نَفْسٍ مَا عَمِلَتْ مِنْ خَيْرٍ مُحْضَرًا وَمَا عَمِلَتْ مِنْ سُوءٍ تَوَدُّ لَوْ أَنَّ بَيْنَهَا وَبَيْنَهُ أَمَدًا بَعِيدًا ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَاللَّهُ رَءُوفٌ بِالْعِبَادِ

සෑම ආත්මයක් ම යහපතින් තමන් කළ දෑ ද නපුරින් තමන් කළ දෑ ද ඉදිරියේ දකින දින තමන් හා ඒ අතර දිගු දුරසක් තිබුණේ නම් යැයි ප්‍රිය කරයි. තව ද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේය. තව ද අල්ලාහ් ගැත්තන් කෙරෙහි සෙනෙහෙවන්ත ය.

තෆ්සීර්

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සෑම ආත්මයක්ම සිදු කළ යහපත් ක්රියාවන් ඉදිරිපත් කරනු ලැබේ. කිසිදු අඩුවකින් තොර ව ඒවා ගෙන එනු ලැබේ. අයහපත සිදු කළ තැනැත්තා එය හා තමන් අතර දිගු කාල පරතරයක් තිබීමට ආශා කරයි. නමුත් එම ආශාවේ කුමන ඵලක් ද? අල්ලාහ් නුඹලාට අවවාද කර ඇත්තේය. එහෙයින් පාපකම් සිදු කොට ඔහුගේ කෝපයට ලක් නොවනු. අල්ලාහ් තම ගැත්තන්හට දායලුය. එහෙයින් ඔහු ඔවුනට අවවාද කරයි. ඔවුන් බියවද්දයි.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න