සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:29
قُلْ إِنْ تُخْفُوا مَا فِي صُدُورِكُمْ أَوْ تُبْدُوهُ يَعْلَمْهُ اللَّهُ ۗ وَيَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
නුඹලාගේ හදවත් තුළ නුඹලා (යමක්) සඟවන්නේ නම් හෝ එය නුඹලා හෙළි කරන්නේ නම් හෝ අල්ලාහ් එය දන්නේය. තව ද අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑ ද ඔහු දන්නේය. තව ද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.
තෆ්සීර්
අහෝ දූතය දෙවියන් ප්රතික්ෂේප කරන සාහසිකයින් සමග ආශ්රය කිරීම වැනි අල්ලාහ් නුඹලාට තහනම් කළ දෑ නුඹලාගේ සිත් තුළ නුඹලා සඟවා ගත්තද එය නුඹලා හෙළි කළ ද ඒ ගැන අල්ලාහ් දන්නේය. කිසිවක් ඔහුගෙන් සැඟවෙන්නේ නැත. අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ ඔහු දන්නේය. සියලු දෑ කෙරෙහි ඔහු සර්ව බලධාරීය. ඔහු අබිබවා යන්නට කිසිවක් නැත යැයි පවසනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න