සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:28
لَا يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاءَ مِنْ دُونِ الْمُؤْمِنِينَ ۖ وَمَنْ يَفْعَلْ ذَٰلِكَ فَلَيْسَ مِنَ اللَّهِ فِي شَيْءٍ إِلَّا أَنْ تَتَّقُوا مِنْهُمْ تُقَاةً ۗ وَيُحَذِّرُكُمُ اللَّهُ نَفْسَهُ ۗ وَإِلَى اللَّهِ الْمَصِيرُ
දේව විශ්වාසවන්තයින් දේව විශ්වාසවන්තයින් ව හැර දේවත්වය ප්රතික්ෂේප කරන්නවුන් ව භාරකරුවන් ලෙස නොගත යුතු ය. කවරෙකු එසේ කරන්නේ ද එවිට ඔහුට අල්ලාහ්ගෙන් කිසිවක් (කිසිදු ආරක්ෂාවක්) නොවනු ඇත. නමුත් නුඹලා ඔවුන්ගෙන් (ආත්ම) ආරක්ෂාව සපයා ගැනීම උදෙසා මිස. තව ද අල්ලාහ් තමන් ගැන නුඹලාට අවවාද කරන්නේය. තව ද ලැඟුම් ගන්නා ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙත ම ය.
තෆ්සීර්
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, දෙවියන් විශ්වාස කරන්නන් හැර දෙවියන් ප්රතික්ෂේප කරන සාහසිකයින් ඔබට උදව් කරන, ඔබ ප්රිය කරන භාරකරුවන් බවට පත් කර නොගනු. කවරෙකු එසේ සිදු කරන්නේද අල්ලාහ්ගේ භාරයෙන් ඔහු ඉවත් වන්නේය. අල්ලාහ්ද ඔහුගෙන් ඉවත් වනු ඇත. නමුත් ඔවුන් නුඹලා පාලනය කරන පාලකයින් නම් නුඹලාගේ ජීවිත වලට ඔවුන් තර්ජනයක් නම් ඔවුන්ගේ වේදනාවන්ට බිය වී ඔවුන් සමග වූ සතුරුකම සිත සඟවා ගනිමින් මෘදු කතාවෙන් හා මෘදු ක්රියාවෙන් ඔවුන් සමග කටයුතු කිරීම නුඹලා කෙරෙහි වරදක් නැත. අල්ලාහ් නුඹලාට අවවාද කරයි. එබැවින් නුඹලා ඔහුට බිය වනු. පාපකම් සිදු කොට ඔහුගේ කෝපයට ලක් නොවනු. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගැත්තන් සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල ලබන්නට නැවත හැරී යා යුත්තේ අල්ලාහ් වෙත පමණි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න