සූරා 3 · ජුස් 3

Ali 'Imran · 3:27

تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ ۖ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ ۖ وَتَرْزُقُ مَنْ تَشَاءُ بِغَيْرِ حِسَابٍ

ඔබ රාත්‍රිය දහවලෙහි ඇතුළත් කරන්නෙහිය. ඔබ දහවල රාත්‍රියෙහි ඇතුළත් කරන්නෙහිය. මළ දැයින් ජීවී දෑ පිට කරන්නෙහිය. ඔබ ජීවී දැයින් මළ දෑ පිට කරන්නෙහිය. තව ද ඔබ අභිමත අයට ගණනයකින් තොර ව පෝෂණය ලබා දෙන්නෙහිය.

තෆ්සීර්

ඔබ දහවල තුළට රාත්රිය ඇතුළු කොට දහවල් කාලය දිගු කිරීමත් රාත්රිය තුළට දහවල ඇතුළු කොට රාත්රි කාලය දිගු කිරීමත් දෙවියන් ප්රතික්ෂේප කරන්නාගෙන් දෙවියන් විශ්වාස කරන්නා හෙළි කිරීම බීජයෙන් පැළ මතු කිරීම වැනි පණ නැති දැයින් ජීවමාන දෑ මතු කිරීමත් දෙවියන් විශ්වාස කරන්නාගෙන් දෙවියන් ප්රතික්ෂේප කරන්නා බැහැර කිරීම කිකිළියගෙන් බිත්තර මතු කිරීම වැනි ප්රාණය සහිත දැයින් ප්රාණය නැති දෑ බැහැර කිරීමත් ඔබේ ශක්තිය විදහා පාන සාධක වෙති. ඔබ කැමති අයට කිසිදු ගණන් බැලීමකින් තොර ව ඇතිතරම් පෝෂණය ලබා දෙන්නෙහිය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න