සූරා 3 · ජුස් 3
Allahumma Malika al-Mulk · Ali 'Imran 3:26
قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ ۖ بِيَدِكَ الْخَيْرُ ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
(නබිවරය) නුඹ පවසනු. සියලු පාලනයන්හි හිමිකරු වන අල්ලාහ්, ඔබ අභිමත අයට රාජ්ය පාලනය පිරිනමන්නෙහිය. ඔබ අභිමත අයගෙන් රාජ්ය පාලනය ඉවත් කරන්නෙහිය. තව ද ඔබ අභිමත අය ව උසස් කරන්නෙහිය. ඔබ අභිමත අය ව පහත් කරන්නෙහිය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහි ය. නියත වශයෙන්ම ඔබ සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.
තෆ්සීර්
අහෝ! දූතය, නුඹේ පරමාධිපතිට ප්රශංසා කරමින් ඔහුට ගරුබුහුමන් කරමින් මෙසේ පවසනු: “අහෝ! දෙවිඳුනි, මෙලොව හා මතුලොව සියලු රාජ්යයන්ගේ රජු ඔබය. ඔබ මැවූ අය අතුරින් ඔබ කැමැති අයට බලය පිරිනමන්නෙහිය. ඔබ කැමති අයගෙන් එය ඉවත් කරන්නෙහිය. ඔබ කැමති අය ගෞරවයට පත් කරන්නෙහිය. ඔබ කැමති අය පහත් කරන්නෙහිය. සියල්ල පිහිටා ඇත්තේ ඔබේ අනු දැනුම හා යුක්තිය මතය. සියලු යහපත ඇත්තේ ඔබ අතෙහිය. ඔබ සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය.”
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න