සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:25
فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لَا رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ
කිසිදු සැකයක් නොමැති දිනයක අප ඔවුන් ව එක්රැස් කර සෑම ආත්මයක් සඳහා ම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලබන විට එය කෙසේ වේ ද ? තව ද ඔවුහු අපරාධ කරනු නොලබන්නෝය.
තෆ්සීර්
ඔවුන්ගේ තත්ත්වය හා ඉරණම කෙසේ පිහිටනු ඇත් ද? කිසිදු සැකයකට ඉඩක් නැති දිනයේ විනිශ්චය සඳහා ඔවුන් අපි එක්රැස් කරන විට ඔවුන්ගේ නපුරු ඉරණම ඔවුනට අත්වනු ඇත. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි. සෑම ආත්මයක්ම සිදු කළ දෑ සඳහා වූ ප්රතිඵල සුදුසු ප්රමාණයට අනුව පිරිනමනු ලැබේ. එහි කිසිදු අසාධාරණයක් හෝ ප්රතිඵල වල කිසිදු අඩු කිරීමක් හෝ ප්රතිවිපාක වල කිසිදු වැඩිකිරීමක් හෝ සිදු කරනු නොලැබේ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න