සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:24
ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لَنْ تَمَسَّنَا النَّارُ إِلَّا أَيَّامًا مَعْدُودَاتٍ ۖ وَغَرَّهُمْ فِي دِينِهِمْ مَا كَانُوا يَفْتَرُونَ
එය, නියමිත දින ගණනකට පමණක් මිස නිරය අප ව ස්පර්ශ නොකරනු ඇතැයි ඔවුන් පැවසූ හේතුවෙනි. තව ද ඔවුන්ගේ දහමෙහි ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන් ව රවටා දැමුවේය.
තෆ්සීර්
මෙසේ සත්යයෙන් පෙරළීම හා ප්රතික්ෂේප කිරීම සිදු වූයේ සැබැවින්ම තමන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වල්ප දින ප්රමාණයක් මිස නිරය තමන් ස්පර්ශ නොකරනු ඇතැයිද පසු ව ඔවුන් ස්වර්ග උයනට සදාකල් පිවිසෙනු ඇතැයිද ඇරයුම් කරමින් සිටියෝය. මෙසේ ව්යාජත්වය හා බොරුවෙන් නිර්මාණය කර ගත් ඔවුන්ගේ සිතුවිලි ඔවුන් මුළා කර දැමුවේය. අල්ලාහ් හා ඔහුගේ දහම වෙත දොස් පැවරුවේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න