සූරා 3 · ජුස් 3
Ali 'Imran · 3:23
أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَىٰ كِتَابِ اللَّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّىٰ فَرِيقٌ مِنْهُمْ وَهُمْ مُعْرِضُونَ
පුස්තකයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් ව නුඹ නොදුටුවෙහි ද? ඔවුන් අතර තීන්දු කරනු පිණිස අල්ලාහ්ගේ ග්රන්ථය වෙත ඔවුන් කැඳවනු ලබන්නෝය. පසු ව ඔවුන් අතුරින් පිරිසක් නොසලකා හරින්නන් ලෙස පිටුපා ගියෝය.
තෆ්සීර්
අහෝ! නබිවරය, තව්රාතය පිළිබඳ දැනුම හා නුඹගේ නබිත්වය පිළිබඳ සාධක අතුරින් සමහරක් අල්ලාහ් විසින් යුදෙව්වන්හට පිරිනමා තිබිණ. එම තත්ත්වය මත නුඹ ඔවුන් නොදුටුවෙහිද? ඔවුන් කවර දෙයක් පිළිබඳ මතභේද ඇති කර ගත්තේද එය ඔවුන් අතර විග්රහ කරනු පිණිස ඔවුන් අල්ලාහ්ගේ පුස්තකය වන තව්රාතය වෙත කැඳවනු ලැබුවෝය. පසු ව ඔවුන්ගෙන් විද්වතුන් හා ප්රධානීන් පිරිසක් තම අනුගාමිකයින් ඔවුන් විශ්වාස කරමින් සිටිය දී හා යම් පණිවිඩයක් ලැබුණු විට එය ජනතාව අතරට ඉක්මණින් ගෙන යන ප්රමුඛයින් ලෙස සිටිය දී තමන්ගේ කැමැත්තට එකඟ නොවූ යමක් එහි ඔවුන් දුටු විට එම දැනුම ප්රතික්ෂේප කරමින් ඉන් හැරී ගියෝය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න