සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:199

وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَنْ يُؤْمِنُ بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْكُمْ وَمَا أُنْزِلَ إِلَيْهِمْ خَاشِعِينَ لِلَّهِ لَا يَشْتَرُونَ بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا ۗ أُولَٰئِكَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ ۗ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ

තවද නියත වශයෙන් ම වේද ග්‍රන්ථ හිමි අය අතුරින් අල්ලාහ් ව ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද අල්ලාහ්ට යටහත් පහත් ව විශ්වාස කරන අය සිටිති. අල්ලාහ්ගේ වදන් වෙනුවට ඔවුහු අල්ප මිලක් නොගනිති. ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියසින් ඔවුනට හිමි(වන්නේ)ය. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.

තෆ්සීර්

ආගම් ලත් ජනයා එක සමාන නොවෙති. ඊට හේතුව ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ් හා නුඹලා වෙත පහළ කරනු ලැබූ සත්යය හා මඟ පෙන්වීම විශ්වාස කරති. තවද ඔවුන්ගේ පුස්තක වල ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද විශ්වාස කරති. අල්ලාහ්ගේ දූතවරු අතර වෙනස්කම් නොකරති. අල්ලාහ් අබියස ඇති දෑට ප්රිය කරමින් ඔහුට යටහත් පහත් ව අවනත වෙති. මෙලොව සුළු සැපත වෙනුවෙන් අල්ලාහ්ගේ වදන් මිල කොට හුවමාරු නොකරති. මෙම ගුණාංග වලින් වර්ණනා කරනු ලැබූවන්හට ඔවුන්ගේ පරමාධිපති අබියස අතිමහත් කුසල් ඇත. සැබැවින්ම අල්ලාහ් සියලුම ක්රියාවන් පිළිබඳ විනිශ්චය කිරීමේ දී ඉතා වේගවත්ය. එමෙන්ම ඒ සඳහා කුසල් පිරිනැමීමේ දී ද ඉතා වේගවත්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න