සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:198

لَٰكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلًا مِنْ عِنْدِ اللَّهِ ۗ وَمَا عِنْدَ اللَّهِ خَيْرٌ لِلْأَبْرَارِ

නමුත් තමන්ගේ පරමාධිපතිට බිය බැතිමත් වූවන් වන ඔවුනට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයෝය. (එය) අල්ලාහ් අබියසින් වූ සංග්‍රහයක් වශයෙනි. අල්ලාහ් අබියස ඇති දෑ දැහැමියන්ට ඉතා ශ්‍රේෂ්ඨය.

තෆ්සීර්

නමුත් අල්ලාහ්ගේ නියෝග පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී තම පරාමාධිපතිට බිය බැතියෙන් කටයුතු කරන්නන් වනාහි, ඔවුනට ස්වර්ග මාලිගාවන්ට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඇත. එහි ඔවුන් සදාතනිකව වෙසෙති. එය අල්ලාහ් අබියසින් ඔවුනට හිමි ප්රතිඵලයක් වශයෙන් ඔවුන් වෙනුවෙන් සූදානම් කරනු ලැබූවකි. අල්ලාහ් තම දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇති දෑ මෙලොව දේව ප්රතික්ෂේපකයින් භුක්ති විඳ සැරසරන දෑට වඩා ශ්රේෂ්ටය උතුම්ය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න