සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:200
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اصْبِرُوا وَصَابِرُوا وَرَابِطُوا وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා ජයග්රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා ඉවසනු. තවද ඉවසීමට නුඹලා එකිනෙකා දිරිගන් වනු. තවද නුඹලා ස්ථාවර ව සිටිනු. අල්ලාහ්ට බිය බැතිමත් වනු.
තෆ්සීර්
අහෝ! අල්ලාහ් විශ්වාස කර ඔහුගේ දූතයාණන් පිළිපැද්දවුණි, ආගමික කටයුතු වගකීමෙන් ඉටු කිරීමෙහි ඉවසීමෙන් කටයුතු කරනු. එමෙන්ම මෙලොවෙහි නුඹලාට අත්වන දුෂ්කරතාවන් මත ද ඉවසනු. ඉවසීම විෂයෙහි දේව ප්රතික්ෂේපකයින් නුඹලා අබිබවා ගොස් ඇත. ඔවුන් නුඹලාට වඩා ඉවසිලිවන්තයින් නොවන්නේය. අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් නම් කැපවීමේ කටයුතු වල නිරත වනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බියෙන් බැතියෙන් කටයුතු කරනු. නුඹලාගේ ඉල්ලීම පරිදි නිරා ගින්නෙන් සුරක්ෂිතභාවත් ස්වර්ගයට පිවිසීමටත් නුඹලාට හිමි වනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න