සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:195

فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثَىٰ ۖ بَعْضُكُمْ مِنْ بَعْضٍ ۖ فَالَّذِينَ هَاجَرُوا وَأُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأُوذُوا فِي سَبِيلِي وَقَاتَلُوا وَقُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ثَوَابًا مِنْ عِنْدِ اللَّهِ ۗ وَاللَّهُ عِنْدَهُ حُسْنُ الثَّوَابِ

එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය. සැබැවින් ම මම නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ වේවා ගැහැනියකගෙන් හෝ වේවා දැහැමි ක්‍රියා කරන්නාගේ ක්‍රියාව නිෂ්ඵල නොකරමි. නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ගෙනි. එබැවින් දේශ තරණය කොට තම නිවෙස් වලින් බැහැර කරනු ලදු ව මාගේ මාර්ගයේ වේදනාව විඳ සටන් වැද ඝාතනය කරනු ලැබූවන් වන ඔවුන්ගේ නපුරු පාපයන් ඔවුන්ගෙන් මම පහ කරමි. තවද පහළින් ගංගාවන් ගලා බස්නා උයන් හි ඔවුන් ව මම ඇතුළත් කරමි. (එය) අල්ලාහ් අබියසින් වූ කුසලක් ලෙසිනි. තවද අල්ලාහ් ඔහු වෙත ය කුසලින් ශ්‍රේෂ්ඨ දෑ ඇත්තේ.

තෆ්සීර්

ඔවුන්ගේ ප්රාර්ථනාවට ඔවුන්ගේ පරමාධිපති මෙසේ පිළිතුරු දුන්නේය.: "නුඹලා සිදු කළ ක්රියාවන් සුළු වුවද අධික වුවද සිදු කළ තැනැත්තා පිරිමියකු වුවද කාන්තාවක වුවද ඒ කිසිවක කුසල් මම නිෂ්ඵල නොකරමි. ආගමික පිළිවෙත් සම්බන්ධයෙන් නුඹලා එකිනෙකාගේ නීතිය එකමය. පිරිමියාට වැඩියෙන් ගැහැනියට අඩුවෙන් යන අනුපාතයෙන් පිරිනමා නැත. එහෙයින් අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් හෙවත් දේශතරණය කළවුන් වනාහි දේව ප්රතික්ෂෙපකයින් විසින් ඔවුන් ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කරන ලදී. ඔවුන් ඔවුන්ගේ පරමාධිපතිට අවනත වූ බැවින් ඔවුනට වද වේදනාවන් දෙන ලදී. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයේ මරණයට පත් විය. ඝානය කරනු ලැබීය. එය අල්ලාහ්ගේ වදන උසස් විය යුතුයි යන එකම අරමුණිනින් ය. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම මම ඔවුන්ගේ පාපකම්වලට සමාව දෙමි. ඒවා මම පහ කරමි. මා වෙතින් වූ ත්යාගයක් වශයෙන් මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන්වලට ඇතුළත් කරමි." අල්ලාහ් අබියස ඇති යහපත් ප්රතිඵලට සමාන කිසිවක් නොමැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න