සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:194

رَبَّنَا وَآتِنَا مَا وَعَدْتَنَا عَلَىٰ رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ ۗ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ

අපගේ පරමාධිපතියාණනි! තවද නුඹගේ ධර්ම දූතයින් තුළින් අපට ප්‍රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප ව දුකට පත් නොකරනු මැනව! සැබැවින් ම නුඹ ප්‍රතිඥාවන්ට වෙනස්කම් නොකරන්නෙහිය.‘ (යැයි පවසති.)

තෆ්සීර්

අපගේ පරමාධිපතියාණනි, ඔබේ දූතවරුන්ගේ කටින් ඔබ අප වෙත ප්රතිඥා දුන් මෙලොවෙහි ජයග්රහණය හා යහමග අපට පිරිනමනු මැනව. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරයට අප ඇතුළත් කරමින් අපව ප්රසිද්ධියට පත් නොකරනු මැනව! අහෝ අපගේ පරමාධිපතියාණනි, සැබැවින්ම ඔබ මහා කාරුණිකය. ඔබ ඔබේ ප්රතිඥාවන් කිසිවිටෙක කඩ කරන්නේ නැත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න