සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:193
رَبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا ۚ رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ
අපගේ පරමාධිපතියාණනි! නුඹලාගේ පරමාධිපති ව නුඹලා විශ්වාස කරනු යැයි දේව විශ්වාසය වෙත කැඳවන කැඳවුම් කරුට සැබැවින් ම අපි සවන් දුනිමු. එවිට අපි විශ්වාස කළෙමු. එබැවින් අපගේ පාපයන් සමා කරනු මැනව! අපගේ නපුරුකම් අපගෙන් පහ කරනු මැනව! තවද අප ව දැහැමියන් සමඟ මරණයට පත් කරනු මැනව!
තෆ්සීර්
අපගේ පරමාධිපතියාණනි, විශ්වාසය වෙත ඇරයුම් කරන්නාගේ ඇරයුමට සැබැවින්ම අපි සවන් දුනිමු. ඔහු ඔබේ නබිවරයාණන් වූ දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාය. එතුමා ‘නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ් එක දෙවියෙකු පමණක් බව නුඹලා විශ්වාස කරනු’ යැයි ඇරයුම් කර සිටියහ. එවිට ඔහු කවර දෙයක් වෙත ඇරයුම් කර සිටියේද අපි එය විශ්වාස කළෙමු. ඔහු පෙන්වා දුන් පිළිවෙත අපි අනුගමනය කළෙමු. එහෙයින් අපගේ පාපයන් නිරාවරණය නොකොට ඒවා සඟවනු මැනව ! අපගේ පාපකම් අපගෙන් ඉවත් කරනු මැනව ! ඒ හේතුවෙන් අප වරදකරුවන් බවට පත් නොකරනු මැනව ! යහපත් දෑ සිදු කිරීමටත් අයහපත් දෑ අතහැරීමටත් අපහට ආශිර්වාද කොට අප ව දැහැමියන් සමගම මරණයට පත් කරනු මැනව!
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න