සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:188
لَا تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَوْا وَيُحِبُّونَ أَنْ يُحْمَدُوا بِمَا لَمْ يَفْعَلُوا فَلَا تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِنَ الْعَذَابِ ۖ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ
තමන් කරමින් ආ දෑ පිළිබඳ සතුටු වන, තවද තමන් නොකළ දෑ පිළිබඳ ව ප්රශංසා කරනු ලැබීම ප්රිය කරනවුන් ගැන නුඹ නොසිතනු. දඬුවමින් (මිදී) ජයග්රහණය ඔවුනට තිබේ යැයි නුඹ නොසිතනු. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.
තෆ්සීර්
අහෝ! නබිවරය, නපුරුකම් සිදු කොට ඔවුන් නොකළ යහපතක් පිළිබඳ ජනප්රසාදය අපේක්ෂා කරන්නන් ඔවුනට හිමි දඬුවමින් මිදෙනු ඇතැයි හෝ ඔවුන් නිදහසේ සිටිනු ඇතැයි නුඹ නොසිතනු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එහි ඔවුනට වේදනා ගෙන දෙන දඬුවමක් ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න