සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:187

وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُ فَنَبَذُوهُ وَرَاءَ ظُهُورِهِمْ وَاشْتَرَوْا بِهِ ثَمَنًا قَلِيلًا ۖ فَبِئْسَ مَا يَشْتَرُونَ

වේද ග්‍රන්ථය දෙනු ලැබූවන් ගෙන් නුඹලා එය ජනයාට එ(ම වේද ග්‍රන්ථ)ය පැහැදිලි කරනු, තවද නුඹලා එය වසන් නොකරනු යැයි අල්ලාහ් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු. නමුත් ඔවුහු එය ඔවුන් ගේ පිට පෙදෙසින් පිටුපසට විසි කළෝය. ඒ (ප්‍රතිඥාව) වෙනුවට අල්ප මිලක් ලබා ගත්තෝය. ඔවුන් මිලට ගන්නා දෑ ඉතා නපුරු විය.

තෆ්සීර්

ජනයා වෙත අල්ලාහ්ගේ පුස්තකය තමන් පැහැදිලි කරන බවටත් එහි ඇති මගපෙන්වීම් කිසිවක් නොසඟවන බවටත් මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ නබිත්වය පිළිබඳ සඳහන් කවර මගපෙන්වීමක් හෝ නොසඟවන බවටත් ආගම් ලත් යුදෙව් හා කිතුනු විද්වතුන්ගෙන් අල්ලාහ් ප්රතිඥාවක් ගත් අවස්ථාව නබිතුමනි, ඔබ මෙනෙහි කර බලන්න. නමුත් ඔවුහු ඒ දෙස නොබලා එම ප්රතිඥාව අතහැර දැමූහ. සත්යය වසන් කළහ. අසත්යය මතු කර පෙන්වූහ. අල්ලාහ්ගේ ගිවිසුම තමන්ට ලැබෙන අල්ප ගෞරවය හා මුදල් වැනි අල්ප වටිනාකමක් සඳහා හුවමාරු කර ගත්හ. අල්ලාහ්ගේ ගිවිසුම වෙනුවට එසේ ඔවුන් හුවමාරු කරගත් අල්ප වටිනාකම අයහපත් විය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න