සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:186
۞ لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُوا أَذًى كَثِيرًا ۚ وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا فَإِنَّ ذَٰلِكَ مِنْ عَزْمِ الْأُمُورِ
නුඹලාගේ වස්තුවෙහි ද නුඹලාගේ ආත්මාවන්හි ද සැබැවින් ම නුඹලා පරීක්ෂා කරනු ලබන්නෙහුය. තවද නුඹලාට පෙර සිටි වේද ග්රන්ථ පිරිනමනු ලැබූවන්ගෙන් ද ආදේශ කළ අයගෙන් ද බොහෝ වද වේදනාවන් ගැන නුඹලා සවන් දෙන්නෙහු ම ය. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින් ම එය ස්ථාවර කරුණු අතුරින් (එකක්) වෙයි.
තෆ්සීර්
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලාගේ වස්තුවෙහි නුඹලා අනිවාර්යයෙන් ඉටු කළ යුතු වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් ද එමගින් ඇති වන පරීක්ෂණ සම්බන්ධයෙන් ද නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නෙහුය. එමෙන්ම, ආගමික වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් නුඹලාට විවිධාකාරයේ දුෂ්කරතා පහළ කිරීමෙන් ද නුඹලා පරීක්ෂාවට ලක් කරනු ලබන්නෙහුය. නුඹට පෙර ආගම් දෙනු ලැබූවන්ගෙන් ද දෙවියන්හට ආදේශ තැබූවන්ගෙන්ද නුඹලාටත් නුඹලාගේ දහමටත් දොස් නගා නුඹලා වේදනාවට පත් කරන බොහේ දෑට නුඹලාට සවන් දෙන්නට සිදු වනු ඇත. නමුත් නුඹලාට අත්වන එවන් විවිධ පරීක්ෂණ හා දුෂ්කරතා මත නුඹලා ඉවසීමෙන් කටයුතු කොට අල්ලාහ් අණ කළ දෑ පිළිපදිමින් ඔහු තහනම් කළ දෑ අතහැර දමමින් ඔහු ගැන මතකයෙන් කටයුතු කළේ නම් සැබැවින් එය ස්ථාවරභාවයට අවශ්ය වන තරඟ වදින්නන් තරඟ වැදිය යුතු කරුණු අතුරින් එකක් බව දැන ගත යුතුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න