සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:185

كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ۗ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ ۖ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ ۗ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ

සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳින්නේය. නුඹලාට නුඹලාගේ ප්‍රතිඵල පූර්ණ ව පිරිනමනු ලබනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ය. එවිට කවරෙක් (නිරා) ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර්ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද සැබැවින් ම ඔහු ජයග්‍රහණය කළේය. තවද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත.

තෆ්සීර්

සෑම ආත්මයක්ම මරණයේ සුවය විඳිය යුතුමය. මෙලොව පවතින කිසිදු මැවීමක් මුළාවට පත් නොවිය යුතුය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා කළ කම් සඳහා කිසිදු අඩුවකින් තොර ව නුඹලාට පූර්ණ ලෙස ප්රතිඵල පිරිනමනු ලැබේ. එහෙයින් අල්ලාහ් කවරෙකු නිරයෙන් දුරස් කොට ස්වර්ගයට ඇතුළත් කළේ ද එවැන්නන් කවර යහපතක් බලාපොරොත්තු වූයේද එය හිමි කර ගනු ඇත. කවර නපුරක් පිළිබඳ බියෙන් සිටියේ ද එයින් ජය ලබනු ඇත. මෙලොව ජීවිතය ඉතා අල්ප භුක්ති විඳීමක් මිස වෙනෙකක් නොවේ. ඒ සමග බැඳී ඇත්තේ රැවටීම පමණය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න