සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:180

وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ ۖ بَلْ هُوَ شَرٌّ لَهُمْ ۖ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ ۗ وَلِلَّهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ

අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ මසුරුකම් කරන්නන් එය(එසේ මසුරුකම් කිරීම) තමන්ට යහපතක් යැයි නොසිතිය යුතුය. නමුත් එය ඔවුනට නපුරු ය. ඔවුහු කවර දෙයක් පිළිබඳ මසුරුකම් කළේ ද එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හට ගෙල මාල පලඳවනු ලබන්නේය. තවද අහස් හි හා මහපොළොවේ උරුමය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තයා ය.

තෆ්සීර්

භාග්යයක් වශයෙන් අල්ලාහ් ඔවුන්හට පිරිනැමූ ආශිර්වාද සම්බන්ධයෙන් ඔවුන් මසුරුකම් පා, ඒවා තුළින් අල්ලාහ්ට කළ යුතු යුතුකම් නොකොට ඉන් වැළකී සිටින්නන් එය තමන්හට යහපත් යැයි නොසිතිය යුතුයි. එය ඔවුනට හානිදායකය. ඔවුන් කවර කරුණක් පිළිබඳ මසුරු වූයේද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවා මාල බවට පත් කර ඔවුන්ගේ ගෙල වටා පළඳුවනු ලැබ එමගින් ඔවුන් දඬුවමට ලක් කරනු ඇත. අහස් හි හා මහපොළොවේ ඇති දෑ උරුම වනුයේ අල්ලාහ්ට පමණය. සියලුම මැවීම් විනාශ වී ගිය පසු අමරණීය වන්නේ ඔහු පමණය. නුඹලා කරන දෑහි සෑම සියුම් දෙයක් පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය. ඔහු ඒ සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න