සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:179

مَا كَانَ اللَّهُ لِيَذَرَ الْمُؤْمِنِينَ عَلَىٰ مَا أَنْتُمْ عَلَيْهِ حَتَّىٰ يَمِيزَ الْخَبِيثَ مِنَ الطَّيِّبِ ۗ وَمَا كَانَ اللَّهُ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَٰكِنَّ اللَّهَ يَجْتَبِي مِنْ رُسُلِهِ مَنْ يَشَاءُ ۖ فَآمِنُوا بِاللَّهِ وَرُسُلِهِ ۚ وَإِنْ تُؤْمِنُوا وَتَتَّقُوا فَلَكُمْ أَجْرٌ عَظِيمٌ

අල්ලාහ් කිලිටි දැයින් පිවිතුරු දෑ වෙන් කරන තෙක් නුඹලා (දැනට) කවර තත්ත්වයක පසු වන්නේ ද එවන් තත්ත්වයක ම විශ්වාසවන්තයින් ව අතහැර දමන්නෙක් නොවීය. එමෙන් ම ගුප්ත දෑ නුඹලාට පෙන්වා දීමට ද අල්ලාහ්ට (අවශ්‍ය) නොවීය. එනමුත් තම ධර්ම දූතයින්ගෙන් තමන් අභිමත වූ අය ව අල්ලාහ් තෝරා ගන්නේ ය. එබැවින් නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ ධර්ම දූතයින් ව ද විශ්වාස කරනු. නුඹලා විශ්වාස කරන්නේ නම් තවද බිය බැතිමත් වන්නේ නම් එවිට නුඹලාට මහත් වූ ප්‍රතිඵල ඇත.

තෆ්සීර්

අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, සැබෑ දේව විශ්වාස කරන්නන් කවුරුන්දැයි පැහැදිලි නොකර නුඹලා එකිනෙකා අතර වෙන් නොකර කුහකහයින් සමගම මිශ්ර වී කටයුතු කරන්නට නුඹලා ව අතහැර දැමීම අල්ලාහ්ගේ අරමුණ නොවන්නේය. විවිධ දුෂ්කරතා හා පරීක්ෂණ වලට ලක් කරමින් නපුරු කුහකයාගෙන් දැහැමි විශ්වාසවන්තයා හෙළි කොට නුඹලා ඔවුන් වෙන් කර හඳුනා ගන්නා තෙක් තත්ත්වය එසේ පවතිනු ඇත. නුඹලා ගුප්ත දෑ යොමු වී ඒ ගැන සොයා බලා කුහකයා හා දේව විශ්වාසිකයා අතර වෙන් කර හඳුනා ගැනීමට සැලැස්වීම අල්ලාහ්ගේ ප්රඥාව නොවීය. නමුත් අල්ලාහ් තමන් කැමති දූතයකු ඒ සඳහා තෝරා ගෙන ඇතැම් ගුප්ත දෑ වෙත අවධානය යොමු කරන්නට සලස්වයි. ඔහුගේ නබිවරයාණන් වූ මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට කුහකයින්ගේ තත්ත්වය දෙස බලන්නට සැලැස්වීම ද එවැන්නකි. එහෙයින් නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කෙරෙහි තබා ඇති විශ්වාසය සැබෑ කරනු. නුඹලා සැබෑ ලෙසින්ම විශ්වාස කොට අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නේ නම් නුඹලාට අල්ලාහ් අබියස අතිමහත් කුසල් හිමි වනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න