සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:178
وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ ۚ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا ۚ وَلَهُمْ عَذَابٌ مُهِينٌ
ප්රතික්ෂේප කළවුන් වන ඔවුනට අප (ක්ෂණික ව දඬුවම් නොදී) ප්රමාද කිරීම තමන්ට යහපතක් යැයි ඔවුන් නොසිතිය යුතුය. අප එසේ ඔවුනට ප්රමාද කරනුයේ ඔවුන් අධික ව පාපය වර්ධනය කර ගනු පිණිස ය. තවද ඔවුන් හට නින්දා සහගත දඬුවම ඇත.
තෆ්සීර්
තම පරමාධිපතියාණන් ප්රතික්ෂේප කොට ඔහුගේ පිළිවෙත ප්රතික්ෂේප කළවුන් වනාහි, තමන්හට දඬුවම් නොදී අතහැර දමා තමන් කවර කරුණක් මත දේව ප්රතික්ෂේයෙන් යුතු ව කටයුතු කළේ ද එහි නිරත වීමට තම ආයුෂ දීර්ඝ කර තිබීම තමන්හට යහපත් යැයි ඔවුන් නොසිතිය යුතුයි. එසේ අප ඔවුන් අතහැර දමා ඉඩ දී ඇත්තේ ඔවුන්ගේ පාපයට අමතර ව තව තවත් අධික ව පාපකම් ඔවුන් සිදු කිරීම සඳහා ය. ඔවුනට නින්දනීය දඬුවමක් ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න