සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:181

لَقَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّذِينَ قَالُوا إِنَّ اللَّهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاءُ ۘ سَنَكْتُبُ مَا قَالُوا وَقَتْلَهُمُ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُوا عَذَابَ الْحَرِيقِ

සැබැවින් ම අල්ලාහ් දිළිඳු ය. තවද අපි පොහොසත්හු යැයි පැවසූ අයගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන් පැවසූ දෑ ද යුක්තියකින් තොර ව නබි වරුන් ව ඔවුන් ඝාතනය කිරීම ද අපි සටහන් කර ගන්නෙමු. තවද නුඹලා පිලිස්සෙන දඬුවම භුක්ති විඳිනු යැයි අපි (විනිශ්චය දිනයේ) පවසන්නෙමු.

තෆ්සීර්

“සැබැවින්ම අල්ලාහ් අපගෙන් ණය ඉල්ලා සිටීමෙන් පැහැදිලි වනුයේ ඔහු දිළිඳු බවය. අප ළඟ ඇති ධනය හා වස්තුව හේතුවෙන් අපි පොහොසතුන් වෙමු” යැයි යුදෙව්වන් පවසා සිටි අවස්ථාවේ ඔවුන්ගේ එම ප්රකාශයට අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් ගෙතූ බොරුව හා අසත්යය ගැනත් කිසිදු යුක්තියකින් තොරව ඔවුන්ගේ නබිවරුන් ඔවුන් ඝාතනය කිරීම ගැනත් අපි සටහන් කරගෙන ඇත්තෙමු. ‘දැවෙන ගින්නේ දඬුවම නුඹලා විදිනු’ යැයි අපි ඔවුනට පවසන්නෙමු.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න