සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:176
وَلَا يَحْزُنْكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ ۚ إِنَّهُمْ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا ۗ يُرِيدُ اللَّهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّا فِي الْآخِرَةِ ۖ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ
ප්රතික්ෂේප(කුෆ්ර්) කිරීමෙහි යුහුසුලු ව කටයුතු කරන අය නුඹ ව දුකට පත් නොකළ යුතුය. නියත වශයෙන් ම ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි පමුණු විය නොහැක. මතු ලොවෙහි කොටසක් ඔවුනට ඇති නොකිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.
තෆ්සීර්
අහෝ! දූතය, කුහකයින් අතුරින් නැවතත් තම පැරණි දහම මත හැරී යමින් දේව ප්රතික්ෂේපය තුළ යුහුසුළු ව කටයුතු කරන්නන් ඔබ ව දුකට පත් නොකළ යුතුය. සැබැවින්ම අල්ලාහ්ට කිසිදු හානියක් සිදු කිරීමට ඔවුන් ශක්තිය නොලබති. අල්ලාහ් ව විශ්වාස කිරීම ඔහුට අවනත වීම යනාදියෙන් ඔවුන් දුරස් වීමෙන් ඔවුන් ඔවුන්ටම හානිපමුණුවා ගනිති. මතු ලොව සැපසම්පත් වලින් හිමි කොටස ඔවුනට හිමිකර නොදී ඔවුන්හට ආශිර්වාද ලබා නොදී ඔවුන් අවමානයට පත් කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. ඔවුනට නිරා ගින්නේ මහත් වූ දඬුවම් ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න