සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:174

فَانْقَلَبُوا بِنِعْمَةٍ مِنَ اللَّهِ وَفَضْلٍ لَمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُوا رِضْوَانَ اللَّهِ ۗ وَاللَّهُ ذُو فَضْلٍ عَظِيمٍ

එබැවින් අල්ලාහ්ගෙන් වූ සම්පත හා භාග්‍යය සමඟ ඔවුහු හැරී ගියහ. ඔවුනට නපුරක් ස්පර්ශ නොවීය. තවද ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය (අපේක්ෂාවෙන්) අනුගමනය කළෝය. තවද අල්ලාහ් මහත් භාග්‍යයෙන් යුක්ත ය.

තෆ්සීර්

ඔවුන් පිටත් ව ගිය පසු හම්රාඋල් අසද් වෙත තම සතුරන්ගෙන් සුරක්ෂිත ව තම තරාතිරම් අධික ව ලබා අල්ලාහ්ගෙන් වූ අතිමහත් ප්රතිඵල සමග ඔවුහු හැරී ගියහ. කිසිදු මරණයක් හෝ තුවාලයක් ඔවුනට සිදු නොවීය. අල්ලාහ්ට අවනත වී පාපකම් වලින් වැළකී ඔහු ඔවුන් පිළිබඳ තෘප්තිමත් වන දෑ ඔවුහු පිළිපැද්දාහ. අල්ලාහ් තමන් විශ්වාස කරන ඔහුගේ ගැත්තන්හට ඉමහත් සේ භාග්ය පිරිනමන්නාය.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න