සූරා 3 · ජුස් 4

Hasbunallahu wa ni'mal wakeel · Ali 'Imran 3:173

الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَانًا وَقَالُوا حَسْبُنَا اللَّهُ وَنِعْمَ الْوَكِيلُ

ඔවුහු කවරහු ද යත් නියත වශයෙන්ම ජනයා නුඹලාට (එරෙහිව) එක් රැස් වී ඇත. එබැවින් නුඹලා ඔවුනට බිය වනු යැයි ජනයා ඔවුනට පැවසූහ. එවිට එය(එම ප්‍රකාශය) ඔවුනට විශ්වාසය වැඩි කළේය. තවද ඔවුහු අල්ලාහ් අපට ප්‍රමාණවත් ය. තවද භාරකරු වශයෙන් ඔහු යහපත් යැයි පැවසූහ.

තෆ්සීර්

සැබැවින්ම කුරෙය්ෂ්වරු අබූ සුෆ්යාන්ගේ නායකත්වයෙන් විශාල සේනාවක් නුඹලා සමග සටන් කිරීමටත් නුඹලාට තීන්දු කිරීමටත් රැස් ව ඇත. එහෙයින් ඔවුන් ගැන ප්රවේශම් වන්න. ඔවුන් හමු වීමට බියවන්නැයි දෙවියන් ආදේශ කළ ඇතැම් ද්රෝහීන් විසින් තමන්හට පවසනු ලැබූ විට එම ප්රකාශය හා බියගැන්වීම අල්ලාහ් පිළිබද තහවුරු කර සිටීමත් ඔහුගේ ප්රතිඥාව දැඩි ලෙස විශ්වාස කිරීමත් ඔවුනට වැඩි කළේය. ‘අල්ලාහ් අපට ප්රමාණවත්ය. අපගේ කරුණු ඔහු වෙත පවරන්නට වඩාත් යහපත් අය ඔහුය’ යැයි පවසමින් ඔවුන් හමුවීමට පිටත් ව ගියහ.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න