සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:172
الَّذِينَ اسْتَجَابُوا لِلَّهِ وَالرَّسُولِ مِنْ بَعْدِ مَا أَصَابَهُمُ الْقَرْحُ ۚ لِلَّذِينَ أَحْسَنُوا مِنْهُمْ وَاتَّقَوْا أَجْرٌ عَظِيمٌ
ඔවුහු තමන්ට තුවාල ඇති වූ පසු ව පවා අල්ලාහ්ට ද රසූල්වරයාට ද ප්රතිචාර දැක් වූ අය වෙති. ඔවුන් අතුරින් දැහැමි කටයුතු කර බිය බැතිමත් වූවනට මහත් වූ ප්රතිඵල ඇත.
තෆ්සීර්
උහද් දිනයේ තුවාල ලැබුවායින් පසු සිදු වූ ‘හම්රාඋල් අසද්’ නම් සංග්රාමයේ දී දෙවියන් ආදේශ කළ ද්රෝහීන් හමුවීමටත් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීමටත් පිටත් වන්නැයි ඇරයුම් කරනු ලබන විට අල්ලාහ්ගේ හා ඔහුගේ දූතයාණන්ගේ නියෝගයට පිළිතුරු දුන් අය වනාහි, ඔවුන්ට අත් වූ තුවාල අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ගේ ඇරයුමට පිළිතුරු දීමෙන් වැළැක්වූයේ නැත. ඔවුන් අතරින් තම ක්රියාවන් යහපත් අයුරින් සිදු කොට, අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහු පිළිබඳ හැඟීමෙන් යුතු ව කටයුතු කළ අයට අල්ලාහ්ගෙන් වූ මහත් ප්රතිලාභ හිමිය. එය ස්වර්ගයයි.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න