සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:168
الَّذِينَ قَالُوا لِإِخْوَانِهِمْ وَقَعَدُوا لَوْ أَطَاعُونَا مَا قُتِلُوا ۗ قُلْ فَادْرَءُوا عَنْ أَنْفُسِكُمُ الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ
(යුද්ධයට නොගොස්) වාඩි වී සිටි ඔවුන්ගේ සහෝදරයින්ට මොවුහු අපට අවනත ව (අප සමඟ) සිටියේ නම් ඝාතනය කරනු නොලබන්නට තිබුණි යැයි පැවසූහ. එසේ (පවසන) නුඹලා සත්යවාදීන් ව සිටියේ නම් නුඹලාගෙන් මරණය වළක්වා ගනු යැයි (නබිවරය) නුඹ පවසනු.
තෆ්සීර්
යුද්ධය සඳහා පිටත් ව යෑමෙන් පසුබැස්සා වූ ඔවුන් උහද් යුද දිනයේ විපතට පත් වූ තම හිතමිතුරන් දෙස බලා ‘සැබැවින්ම ඔවුන් අපට අවනත වී යුද්ධය සඳහා පිටත් ව නොගියේ නම් මෙසේ ඝාතනය නොවන්නට තිබුණි’ යැයි පවසා සිටියහ. අහෝ! නබිවරය, ඔවුනට පිළිතුරු වශයෙන් ‘සැබැවින්ම ඔවුන් නුඹලාට අවනත වී නම් ඔවුන් මරණයට පත් නොවන්නට තිබුණි යැයි ද නුඹලා මරණයෙන් මිදී සිටීමට හේතුව අල්ලාහ්ගේ මාර්ගයේ සටන් නොකර රැඳී සිටීම යැයි ද නුඹලා ඉදිරිපත් කරන තර්කයෙහි නුඹලා සත්යවාදීහු නම් නුඹලාට මරණය පැමිණෙන විට නුඹලා නුඹලාගේ ආත්මය හැකිනම් වළක්වා ගනු.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න