සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:167
وَلِيَعْلَمَ الَّذِينَ نَافَقُوا ۚ وَقِيلَ لَهُمْ تَعَالَوْا قَاتِلُوا فِي سَبِيلِ اللَّهِ أَوِ ادْفَعُوا ۖ قَالُوا لَوْ نَعْلَمُ قِتَالًا لَاتَّبَعْنَاكُمْ ۗ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَانِ ۚ يَقُولُونَ بِأَفْوَاهِهِمْ مَا لَيْسَ فِي قُلُوبِهِمْ ۗ وَاللَّهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ
තවද කුහක වූවන් (කවුරුන් දැ යි) ඔහු හඳුනා ගනු පිණිස ය (එසේ කළේ). නුඹලා පැමිණ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු නැතිනම් මැඩපවත්වනු යැයි පවසනු ලැබූ විට අප (මෙය) යුද්ධයක් යැයි දන්නේ නම් අපි ද නුඹලා ව පිළිපදින්නෙමු යැයි පවසති. එදින ඔවුන් විශ්වාස කිරීමට වඩා ප්රතික්ෂේප කිරීමට ඉතා සමීප යෙන් සිටිනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නොමැති දෑ ඔවුන්ගේ මුඛ වලින් පවසති. තවද අල්ලාහ් ඔවුන් වසන් කරන දෑ පිළිබඳ ව මැනවින් දන්නා ය.
තෆ්සීර්
‘නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු. එසේ නැතහොත් සාමාන්ය මුස්ලිම් ජනයා ආරක්ෂා කරනු’ යැයි කුහකයින්හට පවසනු ලැබූ විට යුද්ධයක් සිදු වන බවට අප දැන සිටියා නම් අපි නුඹලා පසුපසින් නොඑන්නෙමු. නමුත් නුඹලා අතරත් එම පිරිස අතරත් සටනක් ඇති වේවී යැයි අපි නොසිතුවෙමු. ඔවුන් ඔවුන්ගේ දේව විශ්වාසයට වඩා ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය වෙත වඩාත් සමීපයෙන් සිටින බව පෙන්වා දෙන තත්ත්වයක ඔවුන් පසු වූහ. ඔවුන්ගේ සිත් තුළ නැති දෑ ඔවුන් ඔවුන්ගේ මුඛ වලින් පවසා සිටියහ. ඔවුන්ගේ සිත අභ්යන්තරයේ ඇති දෑ පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒ වෙනුවෙන් අල්ලාහ් ඔවුනට පසු විපාක දෙනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න