සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:165
أَوَلَمَّا أَصَابَتْكُمْ مُصِيبَةٌ قَدْ أَصَبْتُمْ مِثْلَيْهَا قُلْتُمْ أَنَّىٰ هَٰذَا ۖ قُلْ هُوَ مِنْ عِنْدِ أَنْفُسِكُمْ ۗ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
නුඹලාට (උහද් සටනෙහි) පීඩාව ඇති වූ කල්හි එමෙන් දෙගුණයක් (බද්ර් සටනෙහි සහභාගී වූ ඔවුනට) ඇති කර තිබිය දී මෙය කෙසේ දැ යි නුඹලා ඇසූහ. මෙය නුඹලා(ගේ වරද) තුළින්ම යැයි පවසනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.
තෆ්සීර්
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, උහද් දිනයේ නුඹලාගෙන් ඇතැමෙක් ඝාතනය කරනු ලැබ නුඹලා පරාජයට පත් වූහ. එසේම බද්ර් දිනයේ නුඹලා විසින් මීට වඩා දෙගුණයකින් නුඹලාගේ සතුරන් ඝාතනය කරනු ලැබ සිරභාරයට ගනු ලැබීය. නමුත් නුඹලා මේ ගැන නොසිතා "අපි මුස්ලිම්වරුන් ලෙස සිටියදීත් නබිවරයාණන් අප අතර සිටියදීත් අපට මේ විපත්තිය සිදු වූයේ කොහින්දැ?"යි විමසා සිටියෙහුය. අහෝ! නබිවරය, නුඹලාට මෙම විපත්තිය අත් වූයේ නුඹලා දූතයාණන්ට පිටුපා නුඹලා අතර මත ගැටුම් ඇති කරගත් බැවිණි. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි බල සම්පන්නය. ඔහු අභිමත කරන අයට උදව් කරනු ඇත. ඔහු අභිමත කරන අය අවමානයට පත් කරනු ඇත. යැයි පවසන්න.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න