සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:164
لَقَدْ مَنَّ اللَّهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ
විශ්වාසවන්තයින් මීට පෙර පැහැදිලි නොමඟෙහි සිටිය ද තම(අල්ලාහ්ගේ) වදන් ඔවුනට කියවා පෙන්වන තවද ඔවුන් ව පිවිතුරු කරවන තවද ඔවුනට ග්රන්ථය(කුර්ආනය) හා ඥානය උගන්වන රසූල්වරයෙකු ඔවුන් අතුරින් ම ඔවුන් වෙත එවීමෙන් ඔවුනට අල්ලාහ් උපකාර කළේය.
තෆ්සීර්
දෙවියන් විශ්වාස කරන්නන්හට අල්ලාහ් ආශිර්වාද කළේය. ඔවුන් වෙත යහපත සැලසුවේය. එය ඔවුන් අතරට ඔවුන්ගේම ජාතියේ දූතයකු එවීමෙනි. ඔහු ඔවුන්හට අල්කුර්ආනය කියවා පෙන්වයි. ආදේශ කිරීමෙන් හා නින්දිත ගතිපැවතුම් වලින් ඔවුන් පිරිසිදු කරයි. කුර්ආනය හා තම පිළිවෙත ඔවුනට උගන්වයි. මෙම දූතයාණන් පැමිණීමට පෙර නුඹලා යහමගින් ඉවත් ව පැහැදිලි නොමගෙහි පසු වූහ.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න