සූරා 3 · ජුස් 4

Ali 'Imran · 3:161

وَمَا كَانَ لِنَبِيٍّ أَنْ يَغُلَّ ۚ وَمَنْ يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ۚ ثُمَّ تُوَفَّىٰ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ

කිසිදු නබිවරයෙකුට වංචා කිරීම (සුදුසු) නොවීය. තවද කවරෙක් වංචා කරන්නේ ද ඔහු වංචා කළ දෑ සමඟ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙයි. එවිට සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.

තෆ්සීර්

යුද්ධයේදී සතුරන් විසින් දමා ගිය භාණ්ඩ විෂයයෙහි අල්ලාහ් කවර කරුණක් විශේෂ කොට පෙන්වා දුන්නේද ඒ හැර වංචා සහගත ලෙස ඒවා තමන් සතු කර ගැනීම කිසිදු නබිවරයකුට සුදුසු නොවීය. එම භාණ්ඩ කිසිවක් ලබා ගැනීමේදී නුඹලා අතර කවරෙකු හෝ වංචාවක් සිදු කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ එය ප්රසිද්ධියට පත් කොට ඔහු දඬුවමට ලක් කරනු ඇත. තමන් වංචා සහගව ලබා ගත් දෑ උසුලා ගෙන ඔහු මිනිසුන් අතරට එනු ඇත. පසු ව සෑම ආත්මයක්ම තම තමන් උපයාගත් දෑ සඳහා කිසිදු අඩුවක් සිදු නොකොට සම්පූර්ණ වශයෙන් ප්රතිඵල පිරිනමනු ඇත. ඔවුන්ගේ පාපකම් වැඩි කිරීමෙන් හෝ ඔවුන්ගේ කුසල් අඩු කිරීමෙන් හෝ කිසිදු අසාධාරණයක් ඔවුනට සිදු නොකරනු ඇත.

කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න

ඔබේ භාෂාවෙන් තෆ්සීර්

අරාබි තෆ්සීර්

පරිවර්තනය

අසන්න