සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:160
إِنْ يَنْصُرْكُمُ اللَّهُ فَلَا غَالِبَ لَكُمْ ۖ وَإِنْ يَخْذُلْكُمْ فَمَنْ ذَا الَّذِي يَنْصُرُكُمْ مِنْ بَعْدِهِ ۗ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
අල්ලාහ් නුඹලාට උදව් කරන්නේ නම් (එය) අබිබවා යන්නෙක් නුඹලාට නැත. තවද නුඹලා ව ඔහු අතහැර දැමුවේ නම් ඉන් පසු ව නුඹලාට උදව් කරන්නේ කවරෙක් ද ? තවද විශ්වාසවන්තයින් අල්ලාහ් වෙත ම (තම කටයුතු) භාර කළ යුතු ය.
තෆ්සීර්
අල්ලාහ් තම උදව් හා උපකාරය නුඹලා වෙත පිරිනැමීම ස්ථීර කළේ නම් පොළෝවාසීන් සියලු දෙනා එක් ව නුඹලාට එරෙහි ව කටයුතු කළද නුඹලා අබිබවා යන්නට කිසිවකු හැකියාව නොදරනු ඇත. එමෙන්ම නුඹලාට උදව් කිරීමට හෝ වගකීම් භාර ගැනීමට නුඹලාටම පවරා ඔහු නුඹලා ව අතහැරියේ නම් ඔහුගෙන් පසු ව නුඹලාට උදව් කිරීමට වෙනත් කිසිවකු හැකියාව නොලබනු ඇත. උදව් උපකාරය ඇත්තේ අල්ලාහ්ගේ අතෙහි පමණය. දෙවියන් විශ්වාස කරන්නන් අල්ලාහ් කෙරෙහිම තම විශ්වාස තැබිය යුතුය. ඔහු හැර වෙනත් කිසිවකු වෙත තම වගකීම් පැවරිය නොයුතුය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න