සූරා 3 · ජුස් 4
By mercy from Allah · Ali 'Imran 3:159
فَبِمَا رَحْمَةٍ مِنَ اللَّهِ لِنْتَ لَهُمْ ۖ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ ۖ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ ۖ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللَّهِ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ
අල්ලාහ්ගෙන් වූ කරුණාව හේතුවෙන් නුඹ ඔවුනට මෘදු ව කටයුතු කළෙහිය. නුඹ දැඩි සිතකින් යුත් දරුණු අයෙකු වූයෙහි නම් නුඹ අසලින් ඔවුහු ඉවත් ව යති. එබැවින් නුඹ ඔවුනට සමාව දෙනු. ඔවුන් වෙනුවෙන් සමාව අයදිනු. (විවිධ) කරුණ වල දී ඔවුන් සමඟ සාකච්ඡා කරනු. නුඹ (යම් දෙයක්) තීරණය කළේ නම් එවිට අල්ලාහ් වෙත භාර කරනු. නියත වශයෙන් ම අල්ලාහ් භාර කරන්නන් ව ප්රිය කරන්නේය.
තෆ්සීර්
අහෝ! නබිවරය, අල්ලාහ්ගේ අතිමහත් කරුණාව හේතුවෙන් ඔබේ ගුණදම් ඔබගේ සගයින් සමග පහසුවෙන් කටයුතු කරන අයුරින් පිහිටුවා ඇත. ඔබේ ප්රකාශයේ හෝ ක්රියාවේ දැඩි බවක් හෝ හදවතේ දෘඪ බවක් පැවතුණේ නම් ඔවුන් ඔබගෙන් වෙන් ව යනු ඇත. ඔවුන් ඔබේ අයිතියේ යම් අඩුවක් සිදු කර ඇත්නම් ඔබ ඔවුනට සමාව දෙන්න. ඔවුන් වෙනුවෙන් පාප ක්ෂමාව අයැද සිටින්න. සාකච්ඡාවට අවශ්ය ඔවුන්ගේ අදහස් පතන්න. සාකච්ඡාවෙන් පසු ඔබ යම් ගිවිසුමකට එළැඹුණේ නම් එම කරුණ මත විශ්වාසයෙන් සිට ඒ අනුව කටයුතු කරන්න. අල්ලාහ් වෙත සියල්ල භාරකරන්න. සැබැවින් තමන් වෙත සියල්ල භාරකරන්නන්හට අල්ලාහ් ප්රිය කරන්නේය. ඔහු ඔවුනට ආශිර්වාද කරනු ඇත. ඔවුන් ස්ථාවර ව කටයුතු කිරීමට ඉඩ සලසනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න