සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:156
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ كَفَرُوا وَقَالُوا لِإِخْوَانِهِمْ إِذَا ضَرَبُوا فِي الْأَرْضِ أَوْ كَانُوا غُزًّى لَوْ كَانُوا عِنْدَنَا مَا مَاتُوا وَمَا قُتِلُوا لِيَجْعَلَ اللَّهُ ذَٰلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ ۗ وَاللَّهُ يُحْيِي وَيُمِيتُ ۗ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
අහෝ විශ්වාස කළවුනි! ප්රතික්ෂේප කළවුන් මෙන් නුඹලා නොවනු. තවද ඔවුහු තමන්ගේ සහෝදරයින් දෙස බලා මහපොළොවේ (නුඹ සමඟ) ඔවුන් ගමන් නොකර හෝ (නුඹ සමඟ) යුද බිමට නොවී අප සමඟ සිටියෙහු නම් ඔවුහු මරණයට පත් නොවෙති. එමෙන්ම ඝාතනය කරනු නොලබති යැයි පැවසූහ. මෙය ඔවුන්ගේ සිත් තුළ ශෝකය ඇති කරනු පිණිස ය. තවද ජීවය දෙන්නේ ද මරණයට පත් කරන්නේ ද අල්ලාහ් ය. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.
තෆ්සීර්
අහෝ! අල්ලාහ් විශ්වාස කොට ඔහුගේ දූතයාණන් අනුමගනය කළවුනි, දෙවියන් ප්රතික්ෂේප කරන කුහකයින් මෙන් නොවනු. තම හිතමිතුරන් දෙස බලා ඔවුන් ජීවනෝපාය සොයා ගිය විට හෝ යුද්ධයක නිරත ව මිය ගිය විට හෝ ඝාතනය කරනු ලැබූ විට මෙසේ පවසා සිටියහ. ‘ඔවුන් අප සමග සිටියා නම් එසේ පිටත් නොවනු ඇත. යුද්ධ නොකරනු ඇත. මිය යන්නේ ද නැත. ඝාතනයට ලක් වන්නේ ද නැත. මෙම ප්රතිපත්තිය අල්ලාහ් ඔවුන්ගේ සිත් තුළ පැලපදියම් කළේ ඔවුන්ගේ සිත් තුළ දුක හා පසුතැවිල්ල වර්ධනය වනු පිණිසය. අල්ලාහ් ඒකීයය. ජීවත් කරවන්නේත් මරණයට පත් කරවන්නේත් තම අභිමතය පරිදිය. රැඳී සිටීමෙන් ඔහුගේ නියමය වැළැක්විය නොහැක. එමෙන්ම එසේ පිටත්වීමෙන් එය ඔහු ඉක්මන් කරන්නේද නැත. නුඹලා සිදු කරන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව නිරීක්ෂකය. නුඹලාගේ ක්රියාවන් ඔහු වෙතින් සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න