සූරා 3 · ජුස් 4
Ali 'Imran · 3:157
وَلَئِنْ قُتِلْتُمْ فِي سَبِيلِ اللَّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِنَ اللَّهِ وَرَحْمَةٌ خَيْرٌ مِمَّا يَجْمَعُونَ
නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ අල්ලාහ්ගෙන් වූ සමාව ද කරුණාව ද ඔවුන් රැස් කරන දෑ ට වඩා අති උතුම් ය.
තෆ්සීර්
අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ මියැදුණේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ සැබැවින්ම අල්ලාහ් නුඹලාට මහත් සේ සමාව දානය කරනු ඇත. ඔහුගේ කරුණාවෙන් ඔහු නුඹලාට දායාද කරනු ඇත. එය මෙලොව හා ලෝවාසීන් මෙලොවෙහි රැස් කරන අල්ප සැපතට වඩා උතුම් වන්නේය.
කියවනයේ විවෘත කරන්න - සූරාව සම්පූර්ණයෙන් කියවන්න